බලපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

Share

බලපිටිය, වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද (17) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

 

නිවසේ සිටි වයස අවුරුදු 36 ක් වු සුනිල් කුමාර නැමති එක්දරු පියෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පලා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

රියදුරෙකු වශයෙන් දෝහා කටාර් හි සේවය කරන මෙම පුද්ගලයා පසුගිය ජනවාරි මස 18 වන දින ලංකාවට පැමිණ ඇතැයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.

අහුංගල්ල පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන විසින් පවත්වයි.

Read more

Local News