උදයංග වීරතුංග අද යළි අධිකරණය හමුවට

Share

දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද(17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 14 වනදා අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදීයි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

පසුව වීරතුංග මහතාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු එදින පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.

දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර පසුව ජාත්‍යන්තර පොලීසිය වෙතද රතු නිවේදන නිකුත් කළේය.

ඒ අනුව උදයංග වීරතුංග මහතා පසුගිය 14 වනදා අළුයම කටුනායක ගුවන් තොටුපලේදී  අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Read more

Local News