හමුදාපතිගේ අමෙරිකානු තහනම ගැන සාකච්ඡා කිරීමට හමුවක්

Share

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළුවීම සඳහා පැනවූ තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා අද(17) හමුවී තිබේ.

 

යුද හමුදාපතිවරයාගේ සිද්ධියට අදාළව එහිදී කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් වෙත රජයේ දැඩි විරෝධය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඒමි බේරා මහතා සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජෝර්ජ් හෝල්ඩිං මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

යුද හමුදාපතිවරයාගේ සිද්ධියට අදාලව රජයේ දැඩි විරෝධය එහිදී පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

පැයක පමණ කාලයක් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් ඉන් පිටවගොස් තිබේ.

මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වන සමයේ මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීමේ තහනමක් පනවන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මියද ඊයේ(16) විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා කළේය.

එහිදී අමෙරිකානු තානාපතිනිය වෙත රජයේ දැඩි විරෝධය පළ කර තිබේ.

ඒ අනුව ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය වොෂිංටන් පාලනය වෙත දැනුම් දෙන බවට මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහතික වූ බව විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනය කළේය.

Read more

Local News