ගංජා සමඟ පහක් අත්අඩංගුවට

Share

කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ ගුණසිංහපුර බස්නැවතුම්පලේ දී ඊයේ (17) රාත්‍රියේ කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් විසින් ගංජා සමඟ පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී ගංජා ග්‍රෑම් 6 ක් සමඟ බස් රථ රියදුරු, කොන්දොස්තර හා ඇතුළු 5 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 26 ත් 45 ත් අතර පසුවන මීගමුව, කිඹුලාපිටිය, කඹුරුපිටිය හා පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (18) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News