හංසයාද ? අලියාද ? තීන්දුව හෙට

Share

හංසයා ලකුණින් හෝ අලියා ලකුණින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට දිනයේදී ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි.

 

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ඡන්දය ලබා දුන් පනස් හය ලක්ෂයට සාධාරණයක් ඉටු කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ලබන බදාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සියලු කාරණා අනුමත කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

අලියා හෝ හංසයා යන ලකුණු දෙකින් එකක් තෝරා ගැනීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ, ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසා සිටියේ හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය, මේ ප්‍රශ්නය විසඳිය යුතු බවයි.

මහින්ද රාජපක්ෂ මහතා පැරදුන් පසුව මන්ත්‍රීවරයෙක් ලෙස කුරුණෑගලින් ඉදිරිපත් වු බවත් පැවසු ඒ මහතා, එය ආදර්ශයට ගත යුතු බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉලක්කය අගමැති වීම වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටෙකත් එවැන්නක් ප්‍රාර්ථනා නොකරන අතර ඔහු උත්සහ ගන්නේ කථානායකවරයා වීමට බවත් ලේකම්වරයා පැවසීය.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාට අභිමානයක් නොමැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවරුන්ගේ අභිමානය සමඟ ජනතාව රැඳී සිටින බැවින් බියක් නොමැතිව ඔහුට මැතිවරණයට ආරාධනා කළ බවත් පැවසීය.

ඒ නිසාවෙන්, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කළ යුතු නම්, පක්ෂයේ පූර්ණ සහය සහ ගෞරවය ඇතිව එය ලෝකයට එය පෙන්වා ජයග්‍රහණය කිරීමට ඉඩ දිය යුතු බවත්, කිසි විටෙකත් නායකයන්ට ගහලා ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News