නායකයා හොරකම් කරනවානම් ගෝලයෝත් හොරකම් කරනවා

Share

කිසියම් දේශපාලන පක්ෂයක හෝ ආයතනයක සිටින නායකයෝ සොරකම් කරනවා නම් ඔවුන් යටතේ ඉන්න ගෝලයෝ බයක් නැතුවම හොරකම් කරනවා. යැයි  විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ දින (17)  හම්බන්තොට වාළවෙල හා නිහිලුව දහම් පාසැල්වල අධ්‍යාපනය හදාරණ දරුදැරියන්ට පාසැල් උපකරණ පිරිනැමීමේ වැඩ සටහනට එක්වෙමිනි. වැඩිදුරතේ අදහස් දැක්වු අමතාත්‍යවරයා,

අපේ රට සංවර්ධනය කරන්නට නොහැකි වී තිබෙන්නේ මෙම මහජන දේපොළ සොරකම් ක්‍රමය මෙතෙක් වෙනස් නොවුනු නිසායි. ඒ නිසා වත්මන් රජය විදියට අපි මුහුණ දෙන අභියෝගයක් තමයි මෙම මහජන දේපොළ හොරකම් කිරීමේ සම්ප්‍රධාය වෙනස් කිරීම. වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ පිලිවෙත වන්නේ ඇතැමුන් රාජ්‍ය දේපොළ අවභාවිතය නතර කරන එක වගේම මේ හොරකමත් නතර කිරීම

ඡන්දයක් ලග එන කොට අපිට ඇහෙන කතාවක් තමයි  හොරුන්ට , මැරයින්ට, ස්ත්‍රී දූෂකයින්ට , මහජන දේපොළ කොල්ල කාපු අය පාර්ලිමේන්තුවට යවන්න එපා කියන එක. ඒ වුනත් දේශපාලනය විතරක් නොවෙයි, විවිධ රාජ්‍ය ආයතන ගත්තත් ඒ හැම එකකම දකින්නට ලැබෙන දෙයක් තමයි නායකයෝ හැංගි හැංගී හොරකම් කරන කොට ඒ අයගේ ගෝලයෝ එලිපිටම ඒ වැඩේ කරන එක යැයි අමාත්‍යවරයා සඳහන් කලේය.

Read more

Local News