අද සිට විශ්‍රාමිකයින්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නොමිලේ

Share

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනිමේ වැඩපිලිවෙලක් අදින්(19) ආරම්භ වෙයි.

 

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරන බව සඳහන් වෙයි.

Read more

Local News