ශ්‍රීලංකන් සමාගම් නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට

Share

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් අද(19) පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතව තිබේ.

 

එයාර් බස් ගනුදෙනුව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව අද පස්වරු 02.30 ට රැස්වීමට නියමිතව තිබේ.

එමෙන්ම හෙට(20) දිනයේ කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසි යෝජනාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ කල් තැබිමේ විවාදය ද එදින පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

Read more

Local News