අදත් වැස්ස නෑ

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

හම්බන්තොට, මොණරාගල හා පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 ක් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News