පළාත් කිහිපයකට අද සවස් කාලයේ තදවැසි

Share

නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද (20) දින සවස් කාලයේ සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇතිවෙයි.

සබරගමු පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන ස්පල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 වැඩි තරමක තද වර්ෂාවක් ඇති විය හැකියි.

උතුරු මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර, හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි වෙයි.

Read more

Local News