ප්‍රියංකර ජයරත්නට එරෙහිව අධි චෝදනා පත්‍ර බාරදෙයි

Share

අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබවේය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරුගේ ඇඟලි සළකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස ද විනිසුරුවරයා විසින් නියෝග කළේය.

2014 වසරේ මැයි මස 21 දා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මාරවිල ගම්බද කේටර්ස් සමාගම වෙත රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ විධායක අධ්‍යක්ෂ වරයාට බල කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ප්‍රියංකර මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News