කැනඩාවේ වාහන 200 ක් එකිනෙක ගැටී අනතුරක්

Share

කැනඩාවේ කෙබෙක් පළාතේ මොන්ට්‍රියල් නගරයේ මහාමාර්ගයකදී ධාවනය වෙමින් තිබූ වාහන 200ක් පමණ ගැටී අනතුරක් සිදුව තිබේ.

 

ඉන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදසේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රබල හිම කුණාටුවක බලපෑමෙන් රියදුරන්ට එක්වරම දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් වාහන රැසක් මුළුමණින්ම විනාශවී ඇති අතර අනෙකුත් වාහනවලටද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.‍

Read more

Local News