Tuesday, March 19, 2024.

ගෘහ මූලික පවුල් ඒකක කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි

Share

ගෘහ මූලික පවුල් ඒකක කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

තමන්ගේ දේශපාලන ගමන තුළ 1994 සිටම දැවැන්ත අභියෝගවලට මුහුණ දීමට සිදුවු බවයි ඒ මහතා කියා සිටියේ.

පුද්ගලිකව තමාට ඇති අභියෝග ගැන සිතනවාට වඩා රටට මුහුණ දීමට ඇති අභියෝග ගැන වැඩි වශයෙන් සිතන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

රට තුළ ක්‍රියාත්මක විය යුතු මනා කළමනාකාරීත්වය අලුත් දැක්මක් තුළින් රට ගොඩනැගීම යන ආදී කරුණු ගෘහ මුලික පවුල් ඒකකය කේන්ද්‍ර කර ගත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read more

Local News