කොවිඩ් වෛරසයෙන් පුද්ගල මරණ 2467ක්

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් සිදුව තිබේ.

 

මේ අතර වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේය.

චීනයේ වුහාන් නඟරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය අද වන විට යුරෝපය ගිල ගනිමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ තුනක් සිදුව තිබේ.

වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේය.

වෛරස ව්‍යාප්තිය හමුවේ මිලාන් සහ වැනිස් නගරවලට ආසන්නව පිහිටා ඇති උතුරුදිග ප්‍රදේශ දෙකක් නිරෝධායනයට ලක්කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව 50,000 කට ආසන්න පිරිසකට විශේෂ අවසරයකින් තොරව ඉදිරි සති දෙක තුළ  වෙනෙටෝ  සහ ලොම්බාර්ඩි  ප්‍රදේශවල  නගර කිහිපයකට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාවක් නොමැති වනු ඇති.

කලාපයෙන් පිටතත්  බොහෝ ව්‍යාපාර සහ පාසල් ක්‍රියාකාරකම් අඩපණවී ඇති  අතර ඉහළ පෙළේ පාපන්දු තරඟ කිහිපයක් ඇතුළුව ක්‍රීඩා ඉසව් අවලංගු කර තිබේ.

Read more

Local News