එජාප නායකයන් වසර 19ක් පුරා ගහගන්නවාද ?

Share

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉදිරි මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දීම සඳහා ඇතැම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දැනටමත් සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කලුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ(23) පැවති ජාතික ජන බලවේගයේ සමුළුව අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්යභාරය අද දවසේ කිරීමට නොහැකි බවයි.

ඔවුන්ට අද එක්සත් භාවයක්, ජාතික භාවයක් හෝ පක්ෂයක් නොමැති බවත් පැවසු ඒ මහතා, පක්ෂයේ නායකයින් වසර 19 ක් පුරා ගහ ගන්නා බවත් පැවසීය.

2001 දී ගාමිණී අතුකෝරාළ මහතා විසින් රනිල් එලවා දැමීමට ආරම්භ කළ සටන 2020 දී සජිත් විසිනුත් කරනු ලබන බව පැවසු අනුර කුමාර මහතා, ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොමැති බවත් කියා සිටියේය.

ඔවුන් තවදුරටත් පක්ෂයක් නොවන බවත් පැවසු ඒ මහතා, මහින්ද මහතා මේ දිනවල තුනෙන් දෙකක බලය සාදා ගැනීමට උත්සහ කරත් රටේ ජනතාව ඔවුන්ට කිසිවිටෙකත් තුනෙන් දෙකක බලයක් ලබා නොදෙන බව සහතික බවත් අනුර කුමාර මහතා පැවසීය.

2010 දී තුනෙන් දෙකක ඡන්දයෙන් හදා ගැනීමට නොහැකි වු නමුත් එජාපයෙන් 20 දෙනෙක් ඒ පැත්තට ගොස් එහි බලය ලබා දුන් බවත් කියා සිටියේය.

මහින්ද මහතාගේ ලැයිස්තුවල ඉඩ නොමැති බැවින් ඔවුන් එසේ යන අයට එන්න එපා යැයි පවසන බවත් සඳහන් කර සිටි අනුර කුමාර මහතා, තමන්ගේ ඡන්දයේ වටිනාකම ආරක්ෂා කර ගනිමින් ඡන්දය ලබා දෙන්නේ නම් ජාතික ජන බලවේගයට පමණක් ඡන්දය ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News