කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රි ලාංකිකයකුට එම වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනය කරයි.

 

කෙසේ වෙතත් දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවට ලක්කිරීමට රජය පියවර ගෙන තිබේ.

ලොව පුරා නව කොරෝනා වෛරසය පැතිරයාමට පටන්ගෙන  මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර අද වන විට ඉන් වාර්තා වී ඇති මුළු මරණ ගණන 2663 ක්.

ආසාදිතයන් මුළු ගණන 79,600 ඉක්මවා තිබේ.

චීනයට පසු කොරෝනා ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන දකුණු කොරියාව මේ වන විට දැඩි අවදානමකට මුහුණ පා සිටිනවා.

අද වන විට එරට කොරෝනා ආසාදිතයින් ගණන 833 දක්වා ඉහළ ගොස් තිබේ.

දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති මරණ ගණන 07 ක්.

ආසාදිතයින් අතරින් සියයට 50 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ තේගු නගරයෙන්.

ඒ අනුව මිලියන 2.5ක් වන තේගු නගරවාසීන්ට හැකිතාක් නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙස රජය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වාතාවරණය තුළ තේගු නගරයේ ජනතාව ආරක්ෂක මුව ආවරණ මිලදී ගැනීම සඳහා වෙළෙඳසැල් අසල දිගු පෝලිම්වල රැඳී සිටි අයුරුයි මේ.

පවතින තත්ත්වය මත සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට නියෝග කර ඇති අතර තේගු නගරය වෙත ගුවන් සේවාද තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.

පවතින තත්ත්වය මත දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී විශේෂ වෛද්‍ය පරික්ෂාවට ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මේ අතර යුරෝපා මහද්විපයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන රට බවට ඉතාලිය පත්වී තිබේ.

එරට 229 දෙනෙකුට වෛරසය වැළඳීම සහ ඒ අතරින් 07 ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.

මෙම තත්ත්වය මත ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේය.

පුද්ගලයින් 50,000ක් පමණ වාසය කරන එරට වෙනීතෝ සහ ලොම්බාර්දියා යන ප්‍රාන්ත අවදානම් කලාප ලෙස නම් කර තිබෙන අතර මේ හේතුවෙන් කුඩා නගර රැසක් ජනශුන්‍ය වී ඇති අයුරුයි මේ.

කෙසේවෙතත් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ එම නගරවල වාසය කරන්නන්ට සති දෙකක කාලයක් නිරෝධායනය සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය බලධාරීන් දැනුම් දීම හේතුවෙන්.

එමෙන්ම ජනතාව කඩිනමින් වෙළෙඳසල්වලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙළඹීම නිසා එරට වෙළෙඳසල් කිහිපයක භාණ්ඩ හිස්ව ඇති අයුරුයි මේ.

පවතින තත්ත්වය මත මිලානෝ නගරයේ වෙළෙඳසල්වල ආරක්ෂිත මුව ආවරණ හිඟයක්ද මතුව තිබේ.

කෙසේවෙතත් මධ්‍යම ඉතාලියේ පවතින්නේ තරමක වෙනස් තත්ත්වයක්.

මේ අතර ඉරානය තුළද වෛරසය ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආසාදිතයින් 61 දෙනෙකු සහ මරණ 12ක් එරටින් වාර්තා වෙයි.

චිනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්.

මේ හේතුවෙන් ඉරාකය,පාකිස්තානය, ආර්මේනියාව සහ තුර්කිය ඉරානය සමඟ පවතින දේශසීමා වසා දමා ඇති අතර ඇෆ්ගනිස්ථානය විසින් ඉරානයට ගුවන් සේවා ඇතුළු ආගමන විගමන තහනම් කර තිබේ.

මේ අතර ඉරානයේ සිට පැමිණි ඕමාන් ජාතික කාන්තාවන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම ඉරාකයෙන්ද වෛරස් ආසාදිතයෙක් හමුව ඇති අතර ඔහු ඉරාකයේ ඉගෙනුම ලබන ඉරාන ජාතික සිසුවෙක් බවයි වාර්තා වෙයි.

Read more

Local News