දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන හිතන්න

Share

වර්තමානයේ රටේ දරුවන් සම්බන්ධයෙන් මව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ඇතැම් නීති විරෝධී ක්‍රියාවන් සඳහා දරුවන් පොළඹවා ගැනීමට ඇතැමුන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද වන සමාජය බොහෝ සෙයින් දූෂිත වී ඇති බවයි.

නීතිවිරෝධි දේ, මත්ද්‍රව්‍ය වැනි දේ වෙනුවෙන් දරුවන් බොහෝ විට යොදා ගන්නා බවත් පැවසු හිටපු ජනපතිවරයා, පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් කීපයක දරුවන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවත් පැවසීය.

එවැනි දරුවන් පසුව අත්අඩංගුවට ගැනීමට සිදුවු බවත් පැවසු හිටපු ජනපතිවරයා, ඡාවාරකම්කරුවන් විසින් දරුවන් රවටා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම නගරයේ පමණක් නොව පොලොන්නරුව ප්‍රදේශයෙත් සිදු කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

ඒනිසාවෙන් මේ ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලක් තම දරුවා පිළිබඳ දැක්විය යුතු බවත් පැවසු ඒ මහතා, මඟතොට දරුවා ඇසුරු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැනුවත් විය යුතු බවත් පැවසීය.

දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන වෙනදාට වඩා සැලකිල්ලක් යොමු වීමට විශේෂයෙන් මේ කාලය තුළ අත්‍යාවශ්‍ය බවත් හිටපු ජනපතිවරයා කියා සිටියේය.

Read more

Local News