මානව හිමිකම් කොමිසමට ජගත් මහලේකම්ගෙන් ක්‍රියාකාරී සැලැස්මක්

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය ඇමතීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(25) දිවයිනෙන් පිටත්ව ගියේය.

 

හෙට(26) දිනයේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකා දූත පිරිස මෙවර මෙම සැසිවාරයට සහභාගී වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනිමට රජය තීරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

මානව හිමිකම් කවුන්සිල 43 වැනි සැසිවාරය ඊයේ(24) ආරම්භ වූණේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී.

එළඹෙන මාර්තු 20 වැනිදා තෙක් පැවැත්වෙන එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙයි.

මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5 ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙබරවාරි 27 වැනිදා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසින් සිදු කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම්වලට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමටද නියමිතව තිබේ.

Read more

Local News