වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට ඉදිරිපත් කරයි

Share

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත භාරදී ඇති බව සඳහන්.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පලිගැනීමේ චේතනාවෙන් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ අනුව වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වන ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ජනාධිපති කොමිසම දැනුම් දී තිබුණි.

මීට අමතරව වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ලබා දීම සඳහා ලබන 27 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

Read more

Local News