හෙරොයින් සමඟ විදේශිකයින් 2ක් ඇතුළු 6ක් අත්අඩංගුවට

Share

හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙහිවල සහ මහරගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් මාලදිවයින් ජාතිකයින් වන අතර, අනෙක් සිව් දෙනා ශ්‍රී ලාංකීකයන් වෙයි.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සතුව තිබු මෝටර් රථ දෙකක් ද මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 28 වයස්වල පසුවන බව ද පොලීසිය පවසයි.

සැකකරුවන් අද(25) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

Read more

Local News