අරමුණු කරා නොයන අමාත්‍යවරු ධුරයෙන් ඉවත් කළ යුතුයි

Share

රට ඉදිරියට ගමන් කිරීමට නම් අමාත්‍යවරුන්ට වසර දෙකක ඉලක්කයක් ලබාදි එය සපුරා නොගන්නා අමාත්‍යවරුන් ධුරයෙන් ඉවත් කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, සිතනවාට වඩා වැඩිපුර යමක් සිතමින්, පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දකිමින්, අසනවාට වඩා වැඩිපුර යමක් අසමින්, සියලු දෙනා එක්ව වැඩ කළ හොත් ඉතා කෙටිකලකින් රාජය ආයතන සියල්ල ගොඩ ගත හැකි බවයි.

මේ අතර රාජ්‍ය ආයතනවල ඇති සංස්ථා සභාපතිවරුන්ට මෙන්ම අදාළ විෂය භාර අමාත්‍යවරයාටත්ද, ඉලක්කයක් හා අරමුණක් ලබා දිය යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම එලෙස ලබාදුන් ඉලක්කය හෝ අරමුණු සියයට 75ක් වත් ළඟා කර ගැනීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට නොහැකිනම් අමාත්‍යවරයා ආදළ අමාත්‍යංශයෙන් ඉවත් කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read more

Local News