යුද හමුදා සෙබලෙක් දුම්රියකට පැන දිවි නසා ගනී

Share

ගම්පොල, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියකට පැන සිය දිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි යද හමුදා යාන්ත්‍රක බලකායේ උඩවලව යුද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි විවාහක තරුණයෙකි.

පසුගිය 14 දා මෙම පුද්ගලයා සේවයෙන් නිවාඩු ගෙන තම නිවස වෙත පැමිණ ඇති අතර ඊයේ යළි සේවය සඳහා වාර්තා කිරීමට තිබූ දිනට බව මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැවසීය.

අදාළ බිරිඳ විසින් වැඩිදුරටත් පවසා සිටියේ, තම ස්වාමිපුරුෂයා සමග විවහා වී මාස තුනක පමණ කලක් ගතවී ඇති බවත් ස්වාමිය සහ තමා අතර කිසිඳු ආරවුලක් නොතිබූ බවයි.

Read more

Local News