සජිත්ගෙන් රනිල්ට ආරාධනාවක්

Share

සමගි ජනබලවේගයේ ප්‍රචාරණ කටයුතු මාර්තු 2 වන දින ආරම්භ කරන බව එම සන්ධානයේ නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අද(26) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සමගි ජනබලවේගයේ නව ගමනාරම්භය වෙනුවෙන් අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඇරයුම් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පෞද්ගලිකව ඇති කරුණු මුදුන්පත් කර නොගෙන රටේ ජනතාවගේ පැතුම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන මෙම නව සමගි ජනබලවේගය වෙනුවෙන් එක්සිත්ව මෙම ගමන යෑමට එකතු වෙන ලෙසත් විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය , සමඟි ජන බලවේගය සමඟ නිල වශයෙන් අද දිනයේ දී එක්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

Read more

Local News