හෙට පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ආයතන 110කට සම්මාන

Share

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේ දී ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) සිදු කිරීමට නියමිතව ඇත.

 

2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට, කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කටයුතු කළේය.

2018 වර්ෂයේදී ආයතන 844ක් ඇගයීමට ලක් වූ අතර, ඉන් තෝරාගත් ආයතන 110ක් වෙත සම්මාන පිරිනැමීම සිදුවේ.

ඒ අනුව රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) , රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා අධිකාරි, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ සම්මාන පිරි නැමේ.

Read more

Local News