හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට පියවර

Share

හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසා ඇත.

 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ (26) දින හෝමාගම මූලික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්ව තිබේ.

එහිදී රෝහලේ පාලනාධිකාරිය ඇතුලු නිලධාරි මණ්ඩලය සමඟ රෝහ‌ලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා පවත්වන ලද අතර එහිදී හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන බව ඇය පවසා ඇත.

හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති හෝමාගම මුලික රෝහල 1946 වසරේ දිස්ත්‍රික් රෝහලක් ලෙස ද, 1997 වසරේ මුලික රෝහලක් ලෙසට ද පත් වන අතර රෝහල ඇදන් 474 කින් යුක්ත වේ.

මූලික ප‍්‍රතිකාර ඒකකයක්, ප්‍රසව හා නාරිවේද, ළදරු ඒකක, අක්ෂි ඒකක, රසායනාගාර, ජීව විද්‍යා අංශයක්, මනෝ චිකිත්සක ඒකක, සායනවලට එන රෝගී සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකක සංකීර්ණයකින් ද යුක්ත වේ.

දිනකට සාමාන්‍ය සායනික පහසුකම් ලබාගැනිම සඳහා 1000 ක් පමණ මෙම රෝහලට පැමිණේ.

මෙම රෝහලෙන් ඉහත සේවාවන්ට අදාල සායන පහසුකම් වලින් ද, චර්ම, දන්ත, ලිංගාශ්‍රිත, හෘද, පවුල් සැළසුම්, විකලාංග, බෝනොවන රෝග, පෝෂණ සහ පවුල් සෞඛ්‍ය සායන පහසුකම් ද ලබාදෙනු ලබයි.

තව ද විකලාංග සැත්කම්, ළමා සැත්කම්, මුඛ සැත්කම් අලුතින් එකතු කරන ලද සැත්කම් අතර වේ.

දැඩි සත්කාර ඒ්කකයේ පහසුකම් ලබාගැනීම සදහා වෙනත් රෝහල්වලින් රෝගීන් මාරු කරන අවස්ථාවල සහ ආපදා සහ හදිසි අනතුරු තත්ත්වයක දී මෙම රෝහලෙන් විශාල සේවාවක් ලබාදිය හැකි බව රෝහල් පාලනාධිකාරිය පෙන්වා දෙයි.

හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා බවත්ඒ සදහා ඉදිරි සතිය තුල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවැසීය.

Read more

Local News