මාස හයක දරුවෙක් මේසයෙන් වැටී මරුට

Share

නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ තිබු මේසයක් මතින් පහතට වැටී බරපතල ලෙස අසාධ්‍යව නවගත්තේගම රෝහලට ඇතුලත් කිරීමේන් පසු මිය ගොස් ඇත.

 

මෙසේ මරණයට පත් වී ඇත්තේ දනුජ දහම්ස නැමති කුඩා දරුවෙකු බව වාර්තා වෙයි.

මරණයට පත් සිඟිත්තා දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවාය.

දරුවන්ගේ මව පාපිසි සැකසිමට යොදා ගන්නා මේසයේ මෙම දරුවන් සිව් දෙනාම රැදි සිට ඇති අතර එම මොහොතේදි සිඟිත්තා බිට වැටි ඇත.

සිද්ධිය වන අවස්ථාවේ දරුවන්ගේ මව නිවසේ සිට නැති බවත් ඒ වන විට දරුවන්ගේ මීත්තනිය භාරයේ සිට ඇති බවත් වාර්තා වේ.

Read more

Local News