කෝවිඩ් 19 අප්‍රේල් අවසානයේ පාලනය කළ හැකියි

Share

කෝවිඩ් 19 වෛරසය චීනය තුළ අප්‍රේල් මාසය අවසන් වන විට පූර්ණ ලෙසම පාලනය කළ හැකි වෙනු ඇති බව චීනයේ සුප්‍රසිද්ධ ශ්වසන විශේඥයෙක් වන ෂෝන් නන්ශාන් පැවැසීය අද (27) චීනයේ ගුවැන්ෂු හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

 

“මේ හරහා අපේ‍්‍රල් මාසය අවසන් වන විට මිනිසුන්ට ඔවුන්ගේ සාමාන්‍ය වැඩවලට ආපසු යා හැකියි. සමාගම්වලට තම සාමාන්‍ය මෙහෙයුම් සහ නිෂ්පාදනය ක්‍රියාවලිය නැවත ආරම්භ කළ හැකියි. නැවත ආරම්භ කරන බවත්ය” යැයි චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රයෙකුද වන ෂොං නන්ෂාන් පැවැසීය.

කෙසේ වෙතත් මීට පෙර බොහෝ රටවල් හා සංවිධාන සඳහ් කළේ මැයි මාසය අවසන් වන විට චීනයට මෙම වෛරසය පාලනය කිරීමට අවස්ථව ලැබෙනු ඇති බවයි.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මධ්‍යම රජය විසින් ලබා දී ඇති වැදගත්කම, හොඳින් ක්‍රියාත්මක වන පද්ධතිය සහ එහි වර්ධනය වන පුළුල් ශක්තිය මත චීනයට අපේක්ෂිත කාලසීමාවට වඩා ඉක්මනින ප්‍රතිඵල ලබාගත හැකි බව ෂොං විශ්වාසය පළ කරයි.

මේ වන විට චීනයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වන සංඛ්‍යාව මෙන්ම එයින් මරණයට පත්වන සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර ප්‍රදේශ කිහිපයකම නව රෝගීන් වාර්තා වී නොමැත.

කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහාන් නගරයේ කෙටි කාලයකු තුළ ඉදිකළ හූෂෙන්ෂාන් සහ ලයිෂෙන්ෂාන් රෝහල්වන මේ වන විටත් හිස් ඇඳන් කිහිපයක් තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට ඵලදායී ප්‍රතිකාර ලබා දීමට අමතරව, සැක සහිත රෝගීන් හඳුනා ගැනීමටත්, COVID-19 සහ පොදු උණ රෝගීන් අතර වෙනස හඳුනා ගැනීමටත්, ඉදිරි මාසවලදී ප්‍රධාන මිනිසුන් අතර ආසාදන වැළක්වීම සඳහා විශාල උත්සාහයක් ගත යුතු බවත් ෂොන්ග් පැවසීය.

චීනයෙන් පිටත මෙම රෝගීන් වෙගයෙන් වර්ධනය වීම අනපේක්ෂිත විචල්‍යයක් බවත්  වෙනත් රටවල සහ කලාපවල වසංගතයේ වර්ධනය පිළිබඳව නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බවත් ඔහු පැවැසීය.

ඉදිරි සති කිහිපය තුළ බෝවන රෝගවලට එරෙහි සටනේදී ජාත්‍යන්තර සහයෝගය පුළුල්ව ලැබිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් බදාදා දිනය අවසන් වන විට චීනයේ පමණක් 9 2744ක් වාර්තා වූ අතර හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 78497ක් වෙයි. එසේම සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 32495ක් විය.

බදාදා දිනයේදී වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 29ක් වන අතර නව ආසාදනය වීම් සංඛ්‍යාව 433කි.

Read more

Local News