කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවට

Share

කැළණිය විශ්ව විද්‍යාලයේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව හිමි නමක් ඇතුළුව සිසුන් 16 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් විසින් බලහත්කාරයෙන් ගලවා ඉවත් කර තිබුණි.

ඉන් පසුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම කඩකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කළේය.

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එහි සී.සී.ටී.වී කැමරා සවිකර තිබූ අතර පාස්කු ප්‍රහාරයට පසු පාලනාධිකාරිය විසින් ආරක්ෂාව තවදුරටත් විධිමත් කිරීම සඳහා සී.සී.ටී.වී කැමරා එහි ස්ථාන රැසක ස්ථාපිත කරනු ලැබුවේය.

Read more

Local News