රටේ විපක්ෂ නායකයා වෙන්නේ රනිල්

Share

එක්සත් ජාතික පක්ෂය කුමන ආකාරයෙන් සාකච්ඡා පැවැත්වුවද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව රටේ විපක්ෂ නායකයා බවට පත්වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

 

ගාල්ලේ  පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුව වන්නේ අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීම බවයි.

පොහොට්ටුව ලකුණින් තම පක්ෂය ඉදිරිපත් වන බව ප්‍රකාශ කර පවසනවා වුවත් එජාප එය නොපවසා සිටිය ද ඔවුන් ඉදිරිපත් වන්නේ අලියා ලකුණින් බව ද වීරක්කොඩි මහතා පැවසීය.

එජාපයේ හැසිරීම හා නායකත්වය පිළිබඳව අතීතයේ සිට දන්නා අය ලෙස මේ බව පැවසිය හැකි බවත් පැවසු ඒ මහතා, එජාපය සෑම දිනකම අවසන් සාකච්ඡා යැයි පවසමින් බාලගිරි දෝෂයක් සේ හැසිරෙනු ඇතැයි ද කියා සිටියේය.

නමුත් එජාපයේ අවසන් තීරණය පිළිබඳව රඟපෑමට එකතු වෙන සියලු දෙනා හොඳින් දන්නා බවද පැවසු ඒ මහතා, අවසානයේ දී එජාපය අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් මැතිවරණයෙන් පසුව ඔහු විපක්ෂ නායකයා බවත් වීරක්කොඩි මහතා මෙහිදී පැවසීය.

Read more

Local News