කැලණි සරසවියේ CCTV සිදුවීමට අදාළ සිසුන් 4ක් රිමාන්ඩ්

Share

කැලණිය විශ්වවිද්‍යාලීය සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් සිසුන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 

කැලණිය විශ්වවිද්‍යාලීය සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගැනුණි.

ඉන් 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැරි අතර හිමිනම ඇතුළු සිව්දෙනා පොදු දේපළ පනත යටතේ අද (28) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ක‍ළේය.

ඒ අනුව හිමිනම ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලීය සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.

Read more

Local News