කුඩා දැරියකට ලිංගික අතවර කළ වීඩියෝව ගැන තොරතුරු ඇතිනම් දන්වන්න

Share

සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වන, වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය ගැන තොරතුරු දන්නේ නම් දන්වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

පසුගිය දිනවල වයස අවුරුදු 6ක් පමණ වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටයක් සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වු අතර ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති විය.

ඒ හා සම්බන්ධ තොරතුරු දන්නා යම් අයෙක් හෝ එම දැරිය හඳුනා ගත් යම් අයෙක් සිටී නම් ඒ පිළිබඳව තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ හෝ දැනුම් දෙන ලෙස ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර සිටියි.

එසේත් නැතිනම් 1929 ළමා උපකාරක දුරකථන අංකයට හැකි ඉක්මණින් දැනුම් දීමට ද හැකියාව ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

Read more

Local News