කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහලම මට්ටමක

Share

ලෝකය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහලම මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

 

මේ හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවදානමක පවතින බවයි එම සංවිධානය පවසන්නේ.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව එම සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

මේ වන විට ලෝකයේ රටවල් 50ක නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

ඉරානය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙකු මියගිය බවට එරට වාර්තා ප්‍රකාශ කළ ද සැබෑ ලෙසම ඉරානය තුළ මෙම වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හය ගුණයකින් ඉහල අගයක් වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

නිශ්චිත තොරතුරු අනාවරණය නොකිරිම ද කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට බාධාවක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 84,611 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2923 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත.

Read more

Local News