අත්අඩංගුවට පත් සරසවි සිසුන් අද අධිකරණයට

Share

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීම හේතුවෙන් ඊයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිමිවරුන් දෙදෙනා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසිදෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද(02) ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ජනතාවට අවහිර වනපරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම මත ඔවුන් ඊයේ(01) අත්අඩංගුවට ගැණුනි.

රුහුණු විශ්ව විද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණේ පසුගිය බ්‍රහස්පතින්දා සිටයි.

අවස්ථා ගණනාවකදී අධිකරණ නියෝගයක් ද රැගෙන පොලිසිය එම ස්ථානයට ගොස් අට්ටාලය ගලවා ඉවත් කරන ලෙසට ඔවුන්ට ප්‍රකාශ කර තිබුණද සිසුන් ඉන් ඉවත් නොවීම නිසා ඊයේ උදෑසන බොරැල්ල පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්නෑවේ සිරිධම්ම හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු එම පිරිසට අයත්.

එම සිසුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද යළිත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News