දුම්රියක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය හරස් මාර්ගයේ දි කොළඹ කොටුව සිට මාතර දක්වා ධාවනය වු දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

අදාළ පුද්ගලයා දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරිමට උත්සහ කිරිමේ දි අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News