දයා මාස්ටර්ට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට

42

එල්ටීටීඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ යාපනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍ය අධ්‍යක්‍ෂ දයා මාස්ටර් හට පහර දුන් පුද්ගලයකු ඊයේ(08) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ රූපවාහිනී කාර්යාලයේ දී ම මෙම පහර දීම සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පහර දීම සිදු කළ පනස් තුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අද (09) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.