රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

Share

තලංගම පොලිස් වසමේ තලවතුගොඩ, හෝකන්දර මාර්ගයේ රෝස්වුඩ් ටෙරස් පෙදෙසෙහි ඊයේ (09) සවස සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

තලවතුගොඩ දිශාවට ධාවනය වු මෝටර් රථයක් දකුණු පස අතුරු මාර්ගයට හැරවීමට යාමේ දී ඊට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයට ඉස්සර කිරීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේ දී හෝකන්දර දෙසට ධාවනය වු යතුරු පැදියක් එහි පැදිකරුට පාලනය කර ගත නොහැකිව මෝටර් රථ දෙකෙහිම මුහුණට මුහුණ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක් වු මාදිවෙල, කෝට්ටේ ලිපිනයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ දෙකෙහිම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News