සැල්වදෝර් ජාතිකයින්ට ට්‍රම්ප්ගෙන් නියෝගයක් – 2019ට කලින් අමෙරිකාවෙන් පිට විය යුතුයි

Share

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ වෙසෙන ලක්ෂ දෙකක් පමණ වන එල් සැල්වදෝර් ජාතිකයින්ට 2019 වන විට ඔවුන් සියලුදෙනාට එරටින් පිටත්වන ලෙස නියෝග කර තිබේ.

2019 වන විට අමෙරිකාවෙන් පිටනොවන සියලුදෙනා පිටුවහල් කරන බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කළේය නැතහොත්, ඔවුන් නීතිමය පදනමක් මත අමෙරිකාවේ රැඳී සිටිය යුතුය.

එල් සැල්වදෝරයට බලපෑ බරපතල භූකම්පාවකින් අනතුරුව ලබාදුන් තාවකාලික ආරක්ෂණ තත්වයක් යටතේ එම ජනතාව 2001 වසරේ සිට අමෙරිකාවේ රැඳි සිටියි.

හයිටි සහ නිකරගුආ ජනතාවට ලබා දී තිබූ තාවකාලික ආරක්ෂණ තත්වය ද, ජනාධිපති ට්‍රම්ප් විසින් මීට පෙර ඉවත් කරනු ලැබීය.

Read more

Local News