දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී බස් රථයක් ගිනි ගනී

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් යව 3.6 L කණුව අසල දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇත.

 

මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (13) උදෑසන 7.00 පමණ මෙලෙස ගිනි ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවත හානි තුවාල කිසිවත් සිදුව නොමැති අතර කහතුඩුව පොලීසි වැඩිදුර විර්ශන සිදු කරයි.

Read more

Local News