ඒ-9 මාර්ගයේ රිය අනතුරක් – 4ක් මරුට

කොළඹ සිය යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් 9 දා රාත්‍රී සිදු වූ මෙම රිය අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
සිද්ධිය පිළිබඳව කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.