කොරෝනා නිසා ලොව දැවැන්තම මැරතන් තරඟය කල් දමයි

Share

නව කොරෝනා වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වීමත් සමග ලොව පුරා තරගාවලි රැසක් අවලංගු කර ඇති අතර ඊට ලොව දැවැන්තම මැරතන් තරඟය වන ලන්ඩන් මැරතන් ධාවන තරඟය ද ඇතුලත් වෙයි.

 

ලොව ප්‍රධාන පෙලේ මැරතන් ධාවන ඉසව්වක් වන ලන්ඩන් මැරතන් ධාවන ඉසව්ව 1981 වසරේදී ආරම්භ කර ඇති අතර වසර 38කට පසුව ලන්ඩන් මැරතන් ධාවන ඉසව්ව කල්දැමූ පළමු අවස්ථාව මෙයයි.

තරඟය සංවිධානයකින් සඳහන් කළේ කිසි දිනක නොවූ පරිදි කොවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමේ අරමුණින් මෙලෙස තරගාවලිය කල් දැමූ බවයි.

ඒ අනුව ලන්ඩන් මැරතන් ධාවන තරගාවලිය ඔක්තෝම්බර් 4 වැනිදා පැවැත්වීමට තරඟ සංවිධානයකින් සංවිධානය කර ඇත.

Read more

Local News