ගණේමුල්ල නගරයේ ඉදිකළ ගුවන් පාලම හෙට ජනතා අයිතියට

Share

ගණේමුල්ල නගරයේ දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම හෙට (11) දින පෙරවරු 10 ට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ආරාධනය මත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර යටතේ ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.

මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.

පාලම ජනතා අයිතියට පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අජිත් මාන්නප්පෙරුම මහතා පවසා සිටියේ මෙම පාලම ඉදිකිරීමෙන් ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගය අසල දැනට පවතින වාහන තදබදයට විසඳුමක් වන බවත් මෙම පාලම ඉදිකිරීමට සමගාමිව ගණේමුල්ල නගරයේ පදික වේදිකා සැකසීම ඇතුළු මාර්ග සංවර්ධනය කෙරෙන බවත්ය.

Read more

Local News