ඉන්දීය සිනමා ශාලාවල ජාතික ගීය ගායනා කිරීම තවදුරටත් අනිවාර්ය නැහැ

Share

ඉන්දීය සිනමා ශාලාවල සෑම චිත්‍රපට ප්‍රදර්ශනයකට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවට පනවා තිබු නිතීයක් අවලංගු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයක් පියවර ගෙන තිබේ.

චිත්‍රපට සෑම ප්‍රදර්ශන වාරයකට පෙර තිරයේ ජාතික කෝඩියේ රූපයක්ද ප්‍රදර්ශනය කරමින් රටේ ජාතික ගීය වාදනය කළ යුතු බවත් එවිට සිනමා ශාලාව තුළ සිටින සිනමාලෝලීන් නැඟී සිටිය යුතු බවටත් පසුගිය වසරේදී පනවා තිබු නීතිය ඒ අනුව බල රහිත කෙරුණි.

ජනතාව සිය පෞද්ගලික අභිමතය පරිදි ක්‍රියා කිරීම නවතා දේශප්‍රේමී හැඟීම් වර්ධනය වුන අයුරින් කටයුතු කරනු අැතැයි යන හැඟීමෙන් මෙම නීතිය මින් පෙර පනවා තිබුණ ද එය ක්‍රියාවට නැංවීමේදී විවිධ අර්බුධකාරී සිදුවීම් අැතිවී තිබුණි.

sourse: saarvita.lk

Read more

Local News