කොරෝනා ප්‍රතිකාරක එන්නත අත්හදා බැලීමට චීන අනුමැතිය

Share

කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදාබැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ.

 

ඒ අනුව එන්නත මේ සතිය තුළ දී අත්හදා බැලීම් සඳහා යොදාගැනීමට නියමිත බවද එරට වාර්තා සඳහන් කළේය.

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් එන්නතක් නිපදවා තිබේ.

අදාළ එන්නත මුල් අවධියේ සායනික අත්හදාබැලීම් සඳහා භාවිත කිරීමට මේ වන විට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මේ සතිය තුළ දීම අත්හදාබැලීම ආරම්භ කරන බව පර්යේෂකයන් පවසයි.

චීන සායනික අත්හදාබැලීම් ලියාපදිංචි දත්ත වලට අනුව පළමු අදියර යටතේ අදාළ එන්නත පුද්ගලයන් 108දෙනෙකු යොදාගෙන පරීක්ෂා කෙරෙනු ඇති.

චීන හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ හොංකොංහි ලැයිස්තුගත ජෛව තාක්ෂණ ආයතනයක් වන කැන්සිනෝ බයොලොජික් ආයතනවල අධීක්ෂණය යටතේ එන්නත අත්හදා බැලෙනු ඇති.

මේ අතර අමෙරිකාවද නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බලමින් සිටියි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසන්නේ ලබන වර්ෂයේ මැද භාගය තෙක් කිසිදු අනුමත හෝ සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලද එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවයි.

Read more

Local News