අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නායයෑමකින් 13ක් මරුට

Share

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

පුද්ගලයින් 163 දෙනෙකු රෝහල් ගතකර තිබේ. ගංවතුර සහ නායයාම් හේතුවෙන් සැන්ටා බාබරා ප්‍රදේශයේ පුද්ගලයින් 300 ක් පමණ සිරවී සිටි.

තවත් බොහෝ පිරිසක් අතුරුදන්වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව බලධාරීන් සදහන් කර ඇත.

ජලගැලීම් සමඟ දහස් ගණන් ජනතාව එම ප්‍රදේශ අතහැර පළායන බවට වාර්තා වේ. නායයාම් සමග ගලා ආ මඩ තට්ටුවලින් මහාමාර්ග වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ලවී ඇත.

Read more

Local News