ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය නිලධාරීන්ට රජයේ දැඩි ලෙස අගයයි

Share

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා ආරක්ෂක හා සෞඛ්‍ය අංශය මේ මෙහොතේ සිදු කරන කාර්යභාරය රජය දැඩි ලෙස අගය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ මුළු රටම අද කොරෝනා වෛරසය ගැන සාකච්ඡා කරන බවයි.

ත්‍රිවිධ හමුදාව යුද්ධයේ දී දැක්වු දායකත්වය නොඅඩු දායකත්වයක් මේ අවස්ථාවේ ලබා දෙන බවත්, ඔවුන් අවධානම බාර ගැනීම පිළිබඳ ස්තූතිය පළ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රාජකාරී සේවයට එහා ගොස් මේ මොහොතේ කටයුතු කිරීම ගැන රජයේ ගෞරවය හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News