වෛරසය ව්‍යාප්තවිමට දුම්පානය ප්‍රධාන හේතුවක්

Share

කොරෝනා වෛරසය ව්‍යාප්තවිමට දුම්පානය ප්‍රධාන හේතුවක් වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ  ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු වෛද්‍යවරයා පවසා සිටියේ, මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත් කළ බවයි.

පවතින නීතිය ප්‍රමාණවත් නොමැති නම් නීතියක් අලුතින් නිර්මාණය කර හෝ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් පැවසු ඒ මහතා, ගැසට් නිවේදනයක් මඟින් මේ බව නීතියක් බවට පත් කරන ලෙසත් පැවසීය.

මේ අතර, දුම්පානය වෛරසය ව්‍යාප්තියට ඍජු බලපෑමක් බවත් පැවසු වෛද්‍යවරයා, දුම්වැටි අලෙවිය ඉතා අවධානම් සහගත කටයුත්තක් බවත් කියා සිටියේය.

දුම් පානය කරන පුද්ගලයින්ට රෝගය වැළදීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් පැවසු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, කරුණාකර ජීවිතයට ආදරේ නම් දුම් පානය වහාම නතර කළ යුතු බවත් පැවසීය.

Read more

Local News