ගිලන් රථ අනතුරකින් රියදුරු මරුට

Share

ගොකරැල්ල ‍පොලිස් වසමේ කුරුණෑගල -දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල ඉන්ධන හල අසල දී සිදුවු අනතුරකින් ගිලන් රථ රියදු‍රෙක් ‍ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොළොන්නරුව රෝහලට අයත් ගිලන් රථයක් කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය කරමින් සිටිය දී රියදුරුට පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී ඇති අතර, බලපතළ තුවාල ලැබු ගිලන් රථ රියදුරු හා රිය සහායක පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

‍අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වු මැදගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රිය සහායක පුද්ගලයා මේ වන විට‍ ‍පොල්ගොල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

Read more

Local News