නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර – අද සිට බිත්තරයක් රුපියල් දහයයි

Share

 නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද (2020.03.23)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පරිත්‍යාග කරන ලදී.

වත්මන් තත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන ලෙස සමස්ථ ලංකා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති හෙයින් ජනතාවගේ පහසුව සඳහා බිත්තර මිල අඩු කිරීමට සංගමය තීරණය කර ඇති බවද එම සංගමයේ සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා එහිදී පැවසීය.

ඒ අනුව අද සිට බිත්තරයක් රුපියල් දහයකට මිලදී ගැනීමේ හැකියාව ලැබේ.

සතොස සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිල දී ගැනීමේ හැකියාව ඇති අතර මේ වෙන විටත් බිත්තර ලොරි 450 ක් දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ යෙදේ .

වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් 0372293300 යන පාරිභෝගික අංකයට දැනුම් දෙන ලෙස ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී.

Read more

Local News