මැතිවරණය කල් දැමීම ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය කියයි

Share

මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

 

එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට සිය ස්තුතිය පළ කරන බව හෙතෙම සිය නිවේදනයේ සදහන් කර ඇත.

පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම, නිවෙස් වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයක් බව කියා සිටින කැෆේ සංවිධාන අවධාරණය කර සිටින්නේ මෙම තත්ත්වය තුළ මැතිවරණය පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් කැෆේ සංවිධානය ජනාධිපතිවරයා වෙත සහ මැතිවරණ කොමිසම වෙත ඊයේ දිනයේ දී ලිඛිතව ඉල්ලීමක් ද කළ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට වඩා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැදගත් බව කැෆේ සංවිධානය වැඩි දුරටත් සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

Read more

Local News