කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරට පැනවු ඇඳිරි නීතිය ඉවතට

Share

කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(24) උදෑසන 6.00ට ඉවත් විය.

 

කෙසේ වෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා අද දහවල් 12.00ට යළි ඇඳිරි නීතිය පනවන අතර එය එළැඹෙන මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සඳහා අවසර හිමිවන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

එමෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ ලබාදී තිබෙන අතර කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බවද රජය දැනුම් දෙයි.

Read more

Local News